මහවැලි දරුවන් ඌවෙන් පෙරට ගමන් කරවන්නට වෙර දරන කීර්තිමත් පාසලක් ලෙස අප පාසල හැඳින්විය හැකිය.
වර්ෂ 1982 සැප්තැම්බර් මස 20 වෙනි දින ගිරාඳුරුකෝට්ටේ ගම්මානයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමා වූයේ එම්.ඒ. ආනන්ද මහතාය. ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීමේ අරමුණ වූයේ මහවැලි සී කලාපයේ වෙසෙන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවා ලීමයි. ආරම්භයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 274 කින් සමන්විත වූ ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුභවතුන් සංඛ්‍යාව හය දෙනෙකි. විද්‍යාලයේ ආරම්භයේ දී ගොඩනැඟිලි තුනකින් සහ ගුරු නිවාස තුනකින් සමන්විත විය.
ආරම්භයේ දී H.A. වීදීසිංහ මයා, M.M. ආරියවතී මිය, D.W.G ආරියපාල මයා, H.G.බන්දුල මයා, M.G.Pරාජපක්ෂ මයා, E.W. රජපක්ෂ මයා යන ගුරුභවතුන් උප ගුරුවරුන් ලෙස වැඩ බාර ගත්හ. ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවත්ම ගොඩනැගිලි සංඛ්‍යාව ප්‍රමාණවත් නොවූ බැවින් 1983 ,1984 වර්ෂවලදී විද්‍යාලයට අලුතෙන් ගොඩනැගිලි 12ක් පමණ ඉදි කිරීම සිදුවිය. මෙම ගොඩනැගිලි යුරෝපීය ආර්ථික කොමිසමේ පරිත්‍යාගයන් වූ අතර මෙයට රැස්වීම් ශාලාව සහ පාසල් ගොඩනැඟිලි සමූහය අයත් විය. මෙහිදී කපිතාන් සී.පී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.ජී.පී. පණ්ඩිතරත්න මැතිතුමා සහ යුරෝපා ආර්ථික කොමිසමේ ෆ්රෑන්ක් ඩැනිල් මහතාගේ ආරාධනය පරිදි ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන ගරු ඇමති ගාමිණී දිසානායක මැතිතුමා විසින් 1984 නොවැම්බර් මස 01 වන දින අප විද්‍යාලයේ ඉදිකරන ලද රැස්වීම් ශාලාව සහ ගොඩනැගිලි විවෘත කරන ලදී.
මෙම ගොඩනැගිලි කැප්පෙටිපොල ශාලාව, මාර්ටින් වික්‍රමසිංහ ශාලාව, වලිසිංහ හරිස්චන්ද්‍ර ශාලාව, අමරදේව ශාලාව, පණීභාරත ශාලාව, ධර්මපාල ශාලාව, සරච්චන්ද්‍ර ශාලාව, සෝලියස් මෙන්දිස් ශාලාව, මලලසේකර ශාලාව, අහුබුදු ශාලාව, සුනිල් ශාන්ත ශාලාව, නිව්ටන් ශාලාව ලෙස නම් කරන ලදී. 1990 වර්ෂයේදී අප විද්‍යාලය පර්ශද මූලස්ථානයක් ලෙස සංවර්ධනය විය. 2010 වර්ෂයේ දී ද්විතියික පාසල් සංකල්පය යටතේ අප විද්‍යාලය ද්විතියික පාසලක් ලෙස සංවර්ධනය විය. මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව අධ්‍යාපනය හා දැනුම රටට උචිත ලෙස ප්‍රතිනිර්මාණය කරනු වස් ප්‍රාථමික පාසල් 5000 ක් හා ද්විතීක පාසල් 1000ක් දායාද කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය වර්ෂ 2014 ක් වූ අප්‍රේල් මස 19 වන දින අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත්විය. 2018 වර්ෂයේ දී 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන සංකල්පය යටතේ smart classroom එකක් අප පාසල තුළ ස්ථාපිත කරනු ලැබුණි.
මේ වන විට ක්‍රම ක්‍රමයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වලින් ද ප්‍රදේශයේ ඉහළම තත්ත්වයේ සිටින පාසලක් ලෙස අප පාසල හැඳින්විය හැකිය. 2021 වර්ෂයේදී අප පාසල ජාතික පාසල් සංකල්පය යටතේ ජාතික පාසලක් ලෙස සංවර්ධනය විය. වර්තමානයේදි පාසලේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමේ අරමුණින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතුද 2021 වර්ෂයේ සිට ආරම්භ විය ඌවෙන් පෙරට සංකල්පය යටතේ ඉදිරියටම ගමන් කරන අප පාසලේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රදේශයේ දරුවන්ගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමයි.
|
ආරම්භ කළ වර්ෂය |
1982 සැප්තැම්බර් 20 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
06 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
274 |
|
මුල් ගුරුතුමාගේ නම |
M.A.ආනන්ද මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
02 |
|
පාසලේ නම |
බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
M.A.ආනන්ද මයා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1982 සැප්තැම්බර් 20 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගිරාදුරුකෝට්ටේ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1982 සැප්තැම්බර් 20 |