නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය
බ/ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය

නව සහස්‍රයක නවමු අත්දැකීම් තුළින් දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කර ඌවෙන් පෙරට පෙරමං තනන ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය ලෙස අප දැනුම කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ පූර්ණ පෞරුෂයකින් හෙබි දරුවකු පාසලට සමාජයට දායාද කිරීමට මහත් කැපවීමෙන් කටයුතු කරන්නෙමු.ක්‍රමයෙන් සංවර්ධනය වන අප පාසල ස්මාර්ට් පන්ති කාමර අධිවේගී අන්තර්ජාල පහසුකම් නවෝත්පාදන විද්‍යාගාර පරිඝණක ආශ්‍රිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වැනි පහසුකම් රැසක් දරුවන්ට ලබා දීමට කටයුතු කරයි.විශේෂ සමගාමී ක්‍රියාකාරකම් රැසක් සමගින් මහවැලි දරුවන්ට ප්‍රියජනක පාසලක් බවට පත්වන අප පාසල දරුවන්ට ජීවිතය තනන්නට පාර කියන හොඳම තෝතැන්නයි.
ඉතිං එන්න අප හා එක්ව ජීවිතයේ දිනන්නට.
නියෝජ්‍ය විදුහල්පති
H.M.R.K.බණ්ඩාර