අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයට අපි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. අප පාසල ඌව පලාතේ ඇති පාසල් අතරින් විශිෂ්ටතම පාසලකි.1982 වර්ෂයේ සැප්තැම්බර් මස විසි වන දින M.A. ආනන්ද විදුහල්පති තුමා යටතේ අප පාසල ආරම්භ විය. දැනට වසර හතළිහක් සපිරෙන අප විද්‍යාලයෙන් දැයට දායාද කළ දරු පිරිස අපමණය. අප පාසලේ ප්‍රධාන අරමුණ වන්නේ දැනුම කුසලතා හා ආකල්ප වලින් සපිරුණු ඵලදායි පුරවැසියකු දැයට දායාද කිරීමයි.






