සිරි සරු සිරි පද සිප ගනිමු
ගිරිදුරු ගරු විදුහල් මවුනි
සිරි සරු සිරි පද සිප ගනිමු....
අවිදු අදුර අදුරට හරවාලන
දිදුලන විදු කැන් පහන් සිලේ
පුබුදු කරන්නට සුදු මුදු හද මල්
මද මද නල මත සෙමින් සැලේ...//
සිරි සරු සිරි පද සිප ගනිමු....
දෑ ඇල්මෙන් සරු සාර ගුණෙන් ගරු
දැයකට සුදු පියවිළි සාදා
බෝ කල් විදුහල් මව සුදිලේවා
මතු පරපුර මත නෙතු පාදා...//
සිරි සරු සිරි පද සිප ගනිමූ....