පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-13)
-
අත්කොට සුදු කමිසය පාසල් නිල ලාංඡනය සාක්කුවෙ දකුණු පසට අල්ලා තිබිය යුතුය.
-
සාක්කුව කමිසයේ වම් පස තිබිය යුතුය.
-
කමිසය උස ඉඟටියේ සිට අඟල් 08ක් විය යුතුය.
-
6, 7, 8, 9 පිරිමි ළමුන් දණහිස තෙක් දික් වූ නිල් කොට කලිසම ඇඳිය යුතුය.
-
10, 11, 12, 13 ශ්‍රේණි වල පිරිමි ළමුන් සුදු දිග කලිසම ඉදිරිපස(ෆ්ලෑට්) රැලි දෙකක් තිබිය යුතුය.
-
පසුපස දකුණු පැත්තට පොකට් එකයි.
-
කලිසම ඉනට තිබිය යුතු ය. ඉන පටියේ කාදු ඇල්ලීම අවශ්‍යයි. ඉන පටියට හාක්ක 02ක් අල්ලා තිබිය යුතුය.
-
කලිසම ඇඟට හිර කොට මැසීම තහනම්.
-
කලිසම කකුල දණහිස පසුකර පහසුවෙන් ඉහලට එසවිය හැකි විය යුතුය.
-
කොණ්ඩය කොටට කපා තිබිය යුතුය. ජෙල් තැවරීම තහනම්.
-
කලු සපත්තු හා කළු මේස් පැළඳීම අනිවාර්ය වේ.
-
රැවුල වැවීම තහනම්, සයිඩ් බාර්න්ස් අඟල් 01කට වඩා දිග නොවිය යුතුය.
-
ශිෂ්‍ය නායකයන් අත් දිග කමිසයක් ඇඳිය යුතු ය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
-
ඇඳුමේ ඉදිරිපස විවරය ගෙල මැද මුල සිට අඟල් 04ක් විය යුතුය. විවරයට ටික් බොත්තම් (අයිලට්) එල්ලිය යුතුය.
-
ගවුමේ අත උරහිස සිට අඟල් 07ක් විය යුතුය.
-
ගවුමේ අත අග අත්වට ප්‍රමාණයට වඩා අඟල් 02ක ලිහිලක් තිබිය යුතුය.
-
නිල ලාංඡනය ගවුමේ වම්පස කොලරයට පහලින් අල්ලා තිබිය යුතුය.
-
ඇඳුමේ ඉන්න ළමයාගේ අත්දෙක ඉනට තබා ගත් විට ගත් විට අදාළ වන සීමාව විය යුතුය
-
ඇඳුමේ ඉන පහලට කර ඇඳුම මැසීම තහනම් වේ.
-
ගවුමේ කඳ කොටස ඇඟට තද නොවන සේ ලිහිල්ව මසා තිබිය යුතු ය.
-
ඉන පටියේ පහළ අඟල් 1.5ක් විය යුතුය.
-
ඉන පටිය ඉනෙහි ප්‍රමාණයට හාක්කයක් අමුණා තිබිය යුතුය. (යතුරු කටු භාවිත නොකළ යුතුය.)
-
ගවුමේ රැලි අඟල් 1.5ක් විය යුතුය.
-
ගවුමේ වාටිය අඟල් දෙකක් විය යුතුය.
-
ගවුමේ උස දණහිසෙන් පහළට අඟල් තුනක් විය යුතුය.
-
ටයි පටිය පැළඳීම අනිවාර්ය වේ. ටයි පටිය ඉන පටියෙන් අඟල් 02ක් පහලට තිබිය යුතුය.
-
කුඩා කරාඹු දෙකක් පැළඳිය යුතු වන අතර එල්ලෙන කරාබු නොපැළදිය යුතුය.
-
කොණ්ඩය දෙපසට හොදින් පීරා පසුපසට වන සේ කොණ්ඩ කරල් 02ක් ගොතා කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
-
කොණ්ඩ කටු නොපැළඳිය යුතුය.
-
සුදු මේස් හා සුදු සපත්තු පැළඳිය යුතුය.
