ගිරාඳුරුකෝට්ටේ ද්විතීයික පාසලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ගිරිඳුරු විදු දරුවන්ගේ ගැයුම් වැයුම් කුසලතා
කළ එළි ගන්වමින් “සුසර නදී” සංගීත ප්‍රසංගය 2022 ඔක්තෝම්බර් මස 28 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අති සාර්ථකව පවත්වන ලදී.විද්‍යාලයීය සංගීත අංශය විසින් මෙම සොඳුරු සුයාමය සංවිධානය කළ අතර එහිදී ගිරිඳුරු විදු දරුවන් 24 දෙනෙකු ප්‍රධාන වාද්‍ය සහ ගායන වෘන්දය හසුරුවමින් කළ එළි බසින ලදී .ඊට අමතරව 6,7,8,910.සහ 11ශ්‍රේණි වල පෙරදිග සංගීතය හදාරන සියලු දරුවන්ට මෙම ප්‍රසංගය සඳහා ගායනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවිය .විද්‍යාලයීය නර්තන අංශයේ දරුවන්ගේ නර්තනයෙන්ද,මාධ්‍ය ඒකකයේ දරුවන්ගේ නිවේදනයෙන්ද මෙම ප්‍රසංගය වර්ණවත් විය
දර්ශන වාර තුනකින් (10.30-2.30-සහ 6.30) සුසර නදී ස්වර දැහැන්ගත වූ අතර ටිකට් පත් වල ආදායමෙන් විද්‍යාලයේ ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති ශබ්ද පරිපාලන උපකරණ කට්ටලයක් මිලදී ගැනීමට හැකි විය.
යම් කලා කෘතියක අරමුණ විය යුත්තේ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමයි. නමුත් එවැනි අරමුණු නොමැති අවර ගණයේ ගීත හතු පිපෙන්නාක් මෙන් සමාජගත වන යුගයක ඉන් ඔබ්බට ගොස් උසස් හරවත් ගීත කලාවේ රසය දරුවන් අතරට ගෙනයාම ද සංගීත අංශයේ අරමුණු අතර විය.