අපට ස්වසනයට අවශ්‍ය නැවුම් වාතය ලබාදෙන්නේ ශාකයි. අපගේ පැවැත්මට
අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ජලය රඳවා තබා ගැනීම පස සරුසාර කිරීමට පොහොර ලබාදීමට පසු සෝදා යාම වැළැක්වීම සිසිල් සෙවන ලබා දීම ඖෂධ ලබාදීම සතුන්ට වාසස්ථාන සැපයීම පරිසර සුන්දරත්වය දැව ලබා දීම ආදී බොහෝ ප්‍රයෝජන ලැබෙන්නේ ශාකවලිනි.
දරුවන් පැල සිටුවීමට පෙළඹවීම පරිසර අලංකරණය හා ශාක විනාශය වැලැක්වීම මෙහි ප්‍රධාන අරමුණයි.දරුවන් සම්බන්ධ කර ගනිමින් ඔසු පැළ එළවළු පලතුරු වැල් වර්ග හා මල් පැළ සිටුවීම හා ඔවුන් මඟින් ඒවා නඩත්තු කිරීමට සලස්වා රැකගත් සෑම පැළයක් සඳහා ම සහතික පත්‍රයක් ලබා දීම සිදු කරනුලබයි.
කිහිප අවස්ථාවකදීම පාසල් භූමිය තුළ පැළ සිටුවීම සිදු කළ අතර 2023 පෙබරවාරි මස දරුවන් වෙනුවෙන් සහතික ප්ත්‍ර ලබාදීමට නියමිතයි. මීට සමගාමීව පරිසර ළමා සමාජයක් පිහිටුවා පොලිතින් භාවිතයෙන් තොර පිරිසිදු පරිසරයක් පාසලට දායාද කිරීම අපගේ තවත් උත්සාහයකි.
ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලය චිත්‍ර අංශය මගින් 2022.9. 29 සංවිධානය කළ “සිහින සිත්තම් 2022” චිත්‍ර ප්‍රදර්ශනය පාසල් මට්ටමෙන් ඔබ්බට ගියා වූ විශිෂ්ට ප්‍රදර්ශනයකි.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවන්ගේ චිත්‍ර විෂය පිළිබඳ ඇති රුචිකත්වය වර්ධනයත් ඔවුන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනයක් යන්න මුදුන් පත් කිරීමයි.මෙම දැවැන්ත කාර්යයේ දී පාසලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය දරුවන් දෙමාපියන් හා අනුග්‍රාහක භවතුන්ගේ නම් නොමද සහය හේතුවෙන් ප්‍රදර්ශනය ඉතා සාර්ථක කර ගැනීමට අපට හැකි විය.
මෙම ප්‍රදර්ශනය තුළින් අප පාසලේ දරුවන් මෙන්ම වෙනත් පාසල්වල දරුවන් ප්‍රදේශවාසීන් හට අගනා කලා කෘතියක් රස විඳීමටත් දැකබලා ගැනීමටත් අවස්ථාව උදාවිය.මෙවැනි සාර්ථක කාර්යයක් සිදු කිරීමට අප හට සහයෝගය ලබාදුන් සියලුම දෙනා හට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමත් සමඟ ලබන වසරේත් මෙවන් විශිෂ්ට ප්‍රදර්ශනයක් පැවැත්වීමට අපේක්ෂා කරමු.