“තඹරවිල” වාර්ෂික සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.06 වන දින ගිරාදුරුකෝට්ටේ පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
දැනුම කුසලතා ආකල්ප වලින් සපිරි දරුවෙකු දැයට තිළිණ කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් සෞන්දර්යාත්මක ඉසව්වක් ලෙස “තඹරවිල” වාර්ෂික සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.6 වන දින ගිරාදුරුකෝට්ටේ පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මහියංගන කොට්ටාසයේ සිංහල ගුරු උපදේශක අභය බණ්ඩාර මහතා ,රිදීමාලියද්ද කොට්ඨාසය සිංහල විෂය ගුරු උපදේශිකා ඩී. එම් රංජනී දිසානායක මහත්මිය විශ්‍රාමික විදුහල්පති ඩී.එම් සමරසේන මහතා විශ්‍රාමික සිංහල ආචාර්ය ඩී එම් සෝමා දිසානායක මහත්මිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති චමින්ද කුමාර මහතා යන යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි විය.
මෙහි ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වූයේ අභයපුර විද්‍යාලයේ සිංහල විෂය ආචාර්ය අබයරත්න මහතා විසිනි. සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වූ තරග ඉසව්වලින් ජයග්‍රහණය ලැබූ දූ දරුවන් මෙහිදී ත්‍යාග හා සහතිකපත් දිනා ගන්නා ලදී. 6-13 ශ්‍රේණි සදහා ගද්‍ය රචනා පද්‍ය රචනා, ගේය පද රචනා, භාෂා භාවිතය හා අවබෝධය අත් අකුරු නාට්‍ය හා අත් පිටපත් හා කෙටිකතා යන ලිඛිත තරග ඉසව් ද නාට්‍ය,නර්තන ඒකල හා සමූහ යන සෞන්දර්යාත්මක තරග ඉසව් ද පවත්වන ලැබූ අතර ආසන්නම පාසලක් වූ ගිරාදුරුකෝට්ටේ ප්‍රාථමික විද්‍යාලයේ 3,4 ,5 යන ශ්‍රේණිවල සිසුන් සඳහා අත් අකුරු කථික පද්‍ය රචනා යන තරග පවත්වා දරුවන් 46 දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී.නිවේදන නාට්‍ය නර්තන හා ගායන ඉසව්වලින් ජයගත් දරුවන්ට තඹරවිල වේදිකාව හැඩ කිරීමට අවස්ථාව උදාවිය.
වාර්ෂිකව පවත්වනු ලබන තඹරවිල සාහිත්‍ය කලා මහෝත්සවය මෙවර පුබුදුවාලීමට විශේෂ අනුග්‍රහයක් දැක්වූ කිහිප දෙනෙක් වෙති. ඒ අතර වේදිකාව සඳහා පහසුකම් සැපයූ ආදි ශිෂ්‍ය ඉෂාර කේටරින් හා ඉෂාර ස්ටෝර්ස් අධිපති වසන්ත මහතා ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූ ආදී ශිෂ්‍ය ඉන්ධන පිරහුම් හල් අධිපති කාවින්ද ජයවීර මහතා ගිරාදුරුකෝට්ටෙ ඉන්ධන පිරහුම් හල කළමනාකරු කසුන් මහතා ආදි ශිෂ්‍යයන් වූ මේජර් දර්ශන මහතා ඇතුළු 2006 අපොස උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම ආදිශිෂ්‍ය අනුරුද්ධ මහතා හා ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූ විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් මෙහිදී ස්තුති පූර්වකව සිහිපත් කළ යුතුය.
විවිධ දක්ෂතාවයන්ගෙන් හෙබි දරුවන්ට තම කුසලතා හඳුනා ගැනීමට ලැබෙන මහගු අවස්ථාවක් වූ මෙම සාහිත්‍ය උළෙල සාර්ථක කරගැනීමට සිංහල සාහිත්‍ය සංගමයට ශක්තියක් වූ ගරු විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය සෞන්දර්ය අංශයේ ගුරුභවතුන් විද්‍යාලයේ සමස්ත ගුරු මණ්ඩලයෙ සක්‍රීය දායකත්වය මෙන්ම අපොස උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායමේ දෙමව්පියන්ගෙන් නොමසුරු දායකත්වයෙන් ගෞරව පූර්වකව සිහිපත් කරමු.